භාෂාව: English සිංහල தமிழ்
ශ්‍රී ලංකා රාජ්‍ය ලාංඡනය

පළාත් ආදායම් දෙපාර්තමේන්තුව

වයඹ පළාත, ශ්‍රී ලංකාව

වයඹ පළාත් සභා ලාංඡනය

1. මුද්දර ගාස්තු - හැඳින්වීම

1990 අංක 08 දරණ වයඹ පළාත් සභා මුදල් ප්‍රඥප්තියේ 37 වන වගන්තිය යටතේ මුද්දර ගාස්තු අය කරනු ලැබේ.

මුද්දර ගාස්තු අය කරනු ලබන්නේ:

2. බදු අනුපාත

දේපළ වර්ගය / ලේඛනය වටිනාකම / සීමාව අදාළ බදු අනුපාතය
නිශ්චල දේපළ විකිණීම සහ පැවරීම රු. 100,000/= දක්වා වූ දේපළ වටිනාකම සඳහා වටිනාකමින් සෑම රු. 100 කට හෝ කොටසකට රු. 3 බැගින්
රු. 100,000/= ඉක්මවන වටිනාකම සඳහා වටිනාකමින් සෑම රු. 100 කට හෝ කොටසකට රු. 4 බැගින්
ත්‍යාග ඔප්පු (ප්‍රදාන) රු. 50,000/= දක්වා වූ දේපළ වටිනාකම සඳහා වටිනාකමින් සෑම රු. 100 කට හෝ කොටසකට රු. 3 බැගින්
රු. 50,000/= ඉක්මවන වටිනාකම සඳහා වටිනාකමින් සෑම රු. 100 කට හෝ කොටසකට රු. 2 බැගින්

3. නිශ්චල දේපළවල වටිනාකම තීරණය කිරීම

1. දේපළ විකිණීමකදී මුද්දර ගාස්තු සඳහා වටිනාකම තීරණය කිරීම

ත්‍යාගයක් ලෙස පවරනු ලබන නිශ්චල දේපළක් හැර වෙනත් ඕනෑම දේපළක් සම්බන්ධයෙන් සහ ඕනෑම අදාළ දිනයක් සම්බන්ධයෙන්, එම දිනයේ විවෘත වෙළඳපොලේ එම දේපළ සඳහා සාධාරණව ලබා ගත හැකි යැයි තක්සේරුකරුගේ මතය අනුව තීරණය වන මිල වටිනාකම වේ.

2. ත්‍යාග ඔප්පුවක් මත මුද්දර ගාස්තු සඳහා වටිනාකම තීරණය කිරීම

A. පවරන්නා විසින් 1977.03.31 දින හෝ ඊට පෙර අත්පත් කරගෙන පසුව ත්‍යාග කරන ලද ඕනෑම නිශ්චල දේපළක් සම්බන්ධයෙන්:
  1. එම දේපළ 1977.03.31 දින විවෘත වෙළඳපොලේ විකුණනු ලැබුවේ නම් ලබාගත හැකිව තිබූ බවට තක්සේරුකරුගේ මතය වන මිල, සහ 1977.03.31 දිනට පසුව සහ දේපළ ත්‍යාග කරන ලද ලේඛනයේ දිනයට පෙර දේපළ සඳහා කරන ලද ඕනෑම වැඩිදියුණු කිරීමක්, වෙනස් කිරීමක් හෝ එකතු කිරීමක පිරිවැය, හෝ
  2. දේපළ ත්‍යාග කරන ලද ලේඛනයේ දිනට විවෘත වෙළඳපොලේ විකුණනු ලැබුවේ නම් එම දේපළ සඳහා ලබාගත හැකිව තිබූ බවට තක්සේරුකරුගේ මතය වන මිල.

→ ඉහත ප්‍රමාණයන් දෙකෙන් අඩු අගය වටිනාකම ලෙස ගනු ලැබේ.

B. පවරන්නා විසින් 1977.03.31 දිනට පසුව අත්පත් කරගෙන පසුව ත්‍යාග කරන ලද ඕනෑම නිශ්චල දේපළක් සම්බන්ධයෙන්:
  1. පවරන්නා විසින් දේපළ අත්පත් කරගත් දිනයේදී විවෘත වෙළඳපොලේ විකුණනු ලැබුවේ නම් එම දේපළ සඳහා ලබාගත හැකිව තිබූ බවට තක්සේරුකරුගේ මතය වන මිල, සහ පවරන්නා විසින් එය අත්පත් කර ගැනීමෙන් පසුව සහ දේපළ ත්‍යාග කරන ලද ලේඛනයේ දිනයට පෙර දේපළ සඳහා කරන ලද ඕනෑම වැඩිදියුණු කිරීමක්, වෙනස් කිරීමක් හෝ එකතු කිරීමක පිරිවැය, හෝ
  2. දේපළ ත්‍යාග කරන ලද ලේඛනයේ දිනට විවෘත වෙළඳපොලේ විකුණනු ලැබුවේ නම් එම දේපළ සඳහා ලබාගත හැකිව තිබූ බවට තක්සේරුකරුගේ මතය වන මිල.

→ ඉහත ප්‍රමාණයන් දෙකෙන් අඩු අගය වටිනාකම ලෙස ගනු ලැබේ.

💳 ගිණුම් විස්තර